මාලි රාජ්‍යයේ හමුදා කදවුරකට එල්ල වූ ප්‍රහාරයකින් හමුදා නිලධාරීන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
නයිජීරියා දේශසීමාව ආසන්නයේ පිහිටි හමුදා කඳවුරකටයි මෙම ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ. හමුදා කඳවුරට පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් හෙළිව නැහැ. හමුදා නිලධාරීන් දස දෙනෙකු දිවි ගලවාගෙන තිබෙනවා. මේ වනවිට එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි මාලි ආරක්ෂක අංශ සදහන් කරන්නේ.
The post මාලි රාජ්‍යයේ හමුදා කදවුරකට එල්ල වූ ප්‍රහාරයකින් හමුදා නිලධාරීන් 53ක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment