බොලීවියා ජනාධිපති ඉවෝ මොරාලෙස් ආරක්ෂා කර ගැනීම සඳහා එරට පාලක පක්ෂය තම හිතවාදීන්ගෙන් සහාය ඉල්ලා තිබෙනවා.
බොලීවියා ජනාධිපති ඉවෝ මොරාලෙස්ට සිය ධුරයෙන් ඉවත් වීම සඳහා බලකරමින් එරට ස්ථාන රැසක උද්ඝෝෂණ පැවැත්වෙනවා. පසුගිය මාසයේ පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ජනාධිපති ඉවෝ මොරාලෙස් සිය හතරවන ධුර කාලය සඳහා බොලීවියා ජනාධිපතිවරයා ලෙස තේරීපත්වුණා. ලතින් ඇමරිකා කලාපයේ දීර්ඝතම කාලයක් ජනාධිපති ධුරය හෙබවූ පුද්ගලයා ලෙස ඔහු සැලකෙනවා. කුමන බලපෑමක් පැමිණියද තමන් සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බවයි බොලීවියා ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ. විරෝධතාකරුවන් ඊයේ දිනයේදී රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක් තම පාලනයට යටතට ගත්තා. එම ආයතනවල විකාශය නවතා දැමීමටද කටයුතු කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා තමන්ට හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි බොලීවියා ජනාධිපතිවරයා පවසන්නේ.
The post බොලීවියා ජනාධිපති ආරක්ෂා කර ගැනීම සඳහා එරට පාලක පක්ෂය තම හිතවාදීන්ගෙන් සහාය ඉල්ලයි appeared first on ITN News.
Post a Comment