විධිමත් වැඩපිලිවෙලක් ඔස්සේ නූතන තාක්ෂණයද භාවිතයට ගනිමින් වැවිලි කර්මාන්තය නගා සිටුවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇල්පිටිය ඌරගස්මංසන්ධිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ඊට එක්වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කරමින් මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එම ජනහමුවට එක්ව සිටියා.
The post නූතන තාක්ෂණය භාවිතා කරමින් වැවිලි කර්මාන්තය නගා සිටුවනවා appeared first on ITN News.
Post a Comment