ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණ තත්ත්වය ක්‍රමයෙන් යහපත් තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.
දින 3 ක් පුරා පැවති දූෂිත වායු වටපිටාවක් සහිත පරිසරය වෙනස් වෙමින් ඉන්දියාවේ දිල්ලි නගරයේ කාලගුණ තත්ත්වය යහපත් අතට පත්වෙමින් ඇති බව සඳහන්. මෙය ඉතා සෙමෙන් සිදුවන බවයි වාර්තා වන්නේ. පැයට කිලෝමීටර 20 ක පමණ වේගයෙන් සුළං හැමීම නිසා වායු දූෂණ තත්ත්වයේ යම් අඩුවක් දැකගත හැකි බව ඉන්දීය කාලගුණ අංශ සඳහන් කරනවා. දිනක් ඇතුළත වායු දූෂණ තත්ත්වය සියයට 62 කින් පහත වැටී ඇති බව ද සඳහන්. ඉන්දීය රථ වාහන අංශ ක්‍රියාත්මක කරන විශේෂ සැලැස්ම හේතුවෙන් වායු දූෂණ තත්ත්වය අවම වී ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
The post නවදිල්ලි නුවර වායු දූෂණ තත්ත්වය ක්‍රමයෙන් යහපත් තත්ත්වයට appeared first on ITN News.
Post a Comment