බිම් බෝම්බ හේතුවෙන් සිදුවන අනතුරු දෙගුණයකින් වැඩිවී ඇති බව අධ්‍යයනයකින් හෙළිවුණා. 2013 වසරේ සිට පසුගිය වසර දක්වා රටවල් රැසක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ මාලි රාජ්‍යය ද ඊට අයත්. 2013 වසරේදී බිම් බෝම්බ අනතුරු 3457 ක් වාර්තා වුණා. එය 2018 වනවිට 6897 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිරික්ෂණ සංවිධාන කිහිපයක් ඒ පිළිබඳව කරුණු රැස්කළා. අයිඑස් ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් හේතුවෙන් සිවිල් ජනතාවට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂම කළයුතු බවත් නිරීක්ෂණ සංවිධාන පෙන්වාදුන්නා.
The post බිම් බෝම්බ අනතුරු දෙගුණයකින් ඉහළට appeared first on ITN News.
Post a Comment