ආසියා පැසිෆික් කලාපයේ රටකින් වසර 27 කට පසු පෝලියෝ රෝගියෙක් වාර්තාවී තිබෙනවා. ඒ මැලේසියාවේ තුවාරාන් ප‍්‍රදේශයේ.
වයස මාස තුනක කුඩා පිරිමි දරුවෙකු මෙලෙස පෝලියෝ වැළදී ඇති බවට හඳුනාගත්තා. උණ සහ මාංශ පේශි දුර්වලවීමේ තත්වයක් මත රෝහල්ගත කළ එම කුඩා දරුවා පෝලියෝ රෝගයෙන් පෙළෙන බවටයි වෛද්‍යවරුන් නිගමනය කළේ. හුදකලා කාමරයක තබා ප‍්‍රතිකාර කටයුතු සිදුකෙරෙනවා. කෘතිම ශ්වසන ආධාරක ද සවිකර ඇති බවයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ. මැලේසියාව 2000 වසරේදී පෝලියෝ රෝගයෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශයට පත්කළා. ඒ වනවිට මැලේසියාවේ අවසන් පෝලියා රෝගියා වාර්තාවී තිබුණේ 1992 වසරේදී. පෝලියෝ වැළදී ඇති බවට හඳුනාගත් දරුවා ජීවත්වූ ප‍්‍රදේශයේ වයස අවුරුදු දෙකත් 15 ත් අතර දරුවන් 199 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා. ඉන් 23 දෙනෙකුම පෝලියෝ එන්නත ලබාගෙන නොමැති බවටයි තොරතුරු හෙළිවුණේ. රෝගය සඳහා මෙතෙක් නිශ්චිත ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයාගෙන නැහැ. පෝලියෝ ආසාදනයවීමෙන් ස්නායු පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වනවා. පැය කිහිපයක් ඇතුලත අංශභාග තත්වයට වුවද පත්විය හැකි බවයි සෞඛ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ. එන්නත් මඟින් පමණක් එය වැළදීම වළක්වා ගත හැකියි.
The post වසර 27 කට පසු ආසියා පැසිෆික් කලාපයෙන් පෝලියෝ රෝගියෙක් appeared first on ITN News.
Post a Comment