දකුණු ආසියා ක්‍රිඩා උළෙල ඉතිහාසයේ මළල ක්‍රිඩා ක්ෂේත්රයේ ඉන්දිය ආධිපත්‍යය බිද දැමිමට ශ්‍රී ලංකා මළල ක්‍රිඩකයන් සමත් වුණා.
1991 වසරේ මෙම ක්‍රිඩා උළළේදී මළල ක්‍රිඩා වලින් රන් පදක්කම් 15ක් දිනා ගැනිමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඉන් අනතුරුව පැවති සාග් ක්‍රිඩා උළෙලවලදී මෙම ක්ෂේත්රයේ ආධිපත්‍යයය පැතිරවීමට සමත් වුණේ ඉන්දියාවයි. එහෙත් මෙවර එම කිරුළ වසර 28කට පසුව යළි අත්කර ගැනිමට ශ්‍රී ලංකා මළල ක්‍රිඩකයින් අද (07) සමත් වුණා.
මේ අතර ශ්‍රී ලංකාව පළමු වරට සාග් කාන්තා මැරතන් තරගයක රන්පදක්කම දිනා ගැනිමට සමත් වූ බවයි නේපාලයේ සිටින අප නියෝජිත චතුක දිවාශන පවසන්නේ.
The post වසර 28 ක් අහිමිව තිබූ මළල ක්‍රීඩා කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි appeared first on ITN News.
Post a Comment