නෙදර්ලන්තයේ හේග් නුවර බලා පිටත් වන මියන්මාර නායිකා අවුන්සාන් සුකීට සහය පළ කිරිම සඳහා විශාල පිරිසක් නිපිඩෝ අගනුවරට රැස්ව තිබෙනවා.
රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පළවා හැරි බවට එල්ල වන සමූල ඝාතන චෝදනා වලට මුහුණදිම සඳහායි ඇය හේග් නුවර බලා පිටත් වන්නේ. චීන විදේශ අමාත්‍යවරයා ද අවුන්සාන් සුකිගේ ආරාධනයෙන් මියන්මාර අගනුවරට පැමිණ සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මියන්මාරයට එරෙහිව හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේ නඩු විභාගයක් දෙසැම්බර් 10ව නදා සිට 12 වනදා දක්වා පැවැත්වෙනවා.
The post ජාත්‍යන්තර අධිකරණයට යන අවුන්සාන් සුකීට මියන්මාර ජනතා සහය appeared first on ITN News.
Post a Comment