Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උණ රෝගයකින් ඉරානයේ 56 දෙනෙක් මියයති  

Add comments

උණ රෝගයකින් ඉරානයේ 56 දෙනෙකු මියගියා. 273 දෙනෙකු පසුගිය සතියේදී පමණක් රෝහල්ගතව ඇති බවයි ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

මෙම රෝගය සූකර උණ රෝග තත්වයක් විය හැකි බවටයි විශ්වාසය. විවිධ ආබාධ වලට ලක්ව සිටි සහ වයස්ගත පුද්ගලයන් වැඩි වශයෙන් උණ රෝගයට ගොදුරුවී ඇති බවයි පරික්ෂණ වලින් හෙළිවුණේ. කෙසේවෙතත් එය ව්‍යාප්තවීම පාලනයට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බව ඉරාන සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා. සූකර උණ රෝගය හේතුවෙන් 2009 වසරේදී ලොවපුරා ලක්ෂ පහක් පමණ මියගියා. ලෝක සෞඛ්‍ය සංවිධානය 2010 වසරේදී එම රෝගය මුළුමණින්ම තුරන්වූ බව ප‍්‍රකාශයට පත්කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

The post උණ රෝගයකින් ඉරානයේ 56 දෙනෙක් මියයති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG