වත්තල ප්රදේශ කිහිපයකට ජල සැපයුම ඇණහිට තිබෙනවා.
වත්තල – හේකිත්ත මාර්ගයේ ප්රධාන ජල නළයක් අද අලුයම හදිසියේ පුපුරා යාම ඊට හේතුවයි. ඒ අනුව හේකිත්ත, පල්ලියවත්ත, ඇලකන්ද සහ බලගල යන ප්රදේශ වලට ජල සැපයුම ඇණහිට ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්රකාශ කළා. මීට අමතරව මරදාන පාර, වැලිඅමුණ, හැදල මාර්ගයේ කොටසකට ද ජල සැපයුම ඇණහිට ඇති බවයි ජල සම්පාදන මණ්ඩලයේ වත්තල කාර්යාලය සඳහන් කළේ.
The post වත්තල ප්රදේශ කිහිපයකට ජල සැපයුම ඇණහිටී appeared first on ITN News.
Post a Comment