Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරිපා වන්දනා සමය ආරම්භ කිරිම සදහා සියලු කටයුතු සූදානම්  

Add comments

සිරිපා වන්දනා සමය ආරම්භ කිරිම සදහා සියලු කටයුතු සූදානම් බව ශ්‍රී‍්‍ර පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමින්වහන්සේ ප‍්‍රකාශ කළා.

ලබන 11 වනදාට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් සිරිපා වන්දනා සමය ආරම්භ වනවා. ඒ වෙනුවෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර ඇති සමන් දේව පිළිරුව සහ දේවාභරණ ශ්‍රී‍්‍ර පාදස්ථානයට වැඩම කිරිමේ පෙරහැර හෙට (09)  ආරම්භ කිරිමටයි නියමිත. අනිද්දා (10) අලුයම දක්වා එම පූජා භාන්ඩ ගල්පොත්තාවල රජමහා විහාරයේ ඉදිකර තිබෙන විශේෂ පීඨිකාවක තැන්පත් කර තැබෙනවා. අනිද්දා (10) අලුයම යෙදෙන සුභ මොහොතින් පෙරහැර තුනක් ඔස්සේ ඒවා ශ්‍රී‍්‍ර පාද උඩමලුවට වැඩම කරවීමටයි නියමිත.

11 වනදා අලුයම යෙදෙන සුභ මොහොතින් සිරිපා උඩමලුවේ පිහිටි සමන් දේව මාළිගයේ මෙම පිළිරුව සහ දේවාභරණ තැන්පත් කෙරෙනවා. ඉන් පසුව ශ්‍රී‍්‍ර පතුල සුවඳ පැණින් දෝවනය කිරිමෙන් සහ දෙවියන් උදෙසා පවත්වන පළමු පූජාවෙන් පසු සිරිපා කරුනා සමය නිල වශයෙන් ආරම්භ වන බවයි ශ්‍රී‍්‍ර පාදස්ථානාධිපති හිමියන් සදහන් කළේ.

The post සිරිපා වන්දනා සමය ආරම්භ කිරිම සදහා සියලු කටයුතු සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG