සිංහල භාෂාව හා සාහිත්‍ය ක්ෂේත්‍රයට ඉමහත් මෙහෙයක් ඉටුකළ සම්මානිත මහාචාර්ය අභාවප්‍රාප්ත විනී විතාරණ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත වන විට 91 වන වියේ පසු වුණා. 1928 ජුනි 02 වනදා තංගල්ලේ දී උපන් විනී විතාරණයන් 1956 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබා ගත්තා. අනතුරුව ලන්ඩන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවලින්, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලැබූ ඒ මහතා කලක් සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ධූරය ද හෙබ වූවා. සිංහල ඉංග්‍රීසි ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරාවිද්‍යාව වැනි ක්ෂේත්‍ර ගණනාවක ප්‍රාමානික බුද්ධිතෙකු වූ ඒ මහතාගෙන් අදාළ ක්ෂේත්‍රයන්ට සිදු වූ මෙහෙවර ඉමහත්. සිහංල හා ඉංග්‍රීසි භාෂාවලින් කෘති රැසක්ද ඔහු දැයට දායාද කර තිබෙනවා. අභාවප්‍රාප්ත මහාචාර්ය විනී විතාරණ මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට සිදු කිරීමට නිමියතයි.
The post මහාචාර්ය විනී විතාරණ මහතාගේ අවසන් කටයුතු හෙට appeared first on ITN News.
Post a Comment