උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ඇමෙරිකා සහ දකුණු කොරියා ජනාධිපතිවරුන් අතර දුරකතන සංවාදයක් පැවැත්වුණා.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ දකුණු කොරියා ජනාධිපති මුන් ජේ ඉන් අතර පැයක කාලයක් පමණ මෙම දුරකතන සංවාදය පැවැත්වුණා. උතුරු කොරියාව සමග පැවැත්වූ සාකච්ඡා අඛණ්ඩව පවත්වා ගැනීම සම්බන්ධයෙන් මෙම දුරකතන සංවාදය තුලදී අවධානය යොමු වූ බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
එසේම පසුගියදා උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීමක් සිදු කිරීම කලාපීය ආරක්ෂාවට තර්ජනයක් වන බවයි දෙරටේ නායකයන්ගේ අදහස වූයේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගත යුතු බවද ඔවුන් අවධාරණය කළා.
The post ඇමෙරිකා සහ දකුණු කොරියා ජනාධිපතිවරුන් අතර දුරකතන සංවාදයක් appeared first on ITN News.
Post a Comment