රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකෙරෙන ඕවල් විව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කළේ 2014 වසරේදීයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ එතුමාගේ සංකල්පයකට අනුවයි. පසුගිය රජය සමයේ මෙම නිවාස සංකීර්ණය ඉදි කිරිම් කටයුතු ප්‍රමාද වුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව එහි ඉදිකිරිම් කටයුතු මේ වනවිට කඩිනම් කර ඇති අතර 2020 මාර්තු මාසයේදී මෙම නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කිරිමට නියමිතයි. තට්ටු 25කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයට වැය කරන මුදල රුපියල් බිලියන 06ක්. රථ ගාලක්, ළමා උද්‍යානයක්, ව්‍යායාම මධ්‍යස්ථාන 02ක්, වෙළෙද සංකිර්ණයක් සහ පිහිණුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විතයි.
The post වනාතමුල්ල රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට අගමැතිගෙන් උපදෙස් appeared first on ITN News.
Post a Comment