Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලන්ඩන් පිහි ඇණුමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අනන්‍යතාවත් හෙළිවෙයි  

Add comments

ලන්ඩන් පාලම මත සිදුවූ පිහි ඇණුමෙන් මියගිය දෙවන පුද්ගලයාගේත් අනන්‍යතාව හෙළිකර තිබෙනවා. ඇය කාන්තාවක බවයි මෙට්‍රොපොලිටන් පොලීසිය පවසන්නේ.

සස්කියා ජෝන්ස් නැමැති 23 හැවිරිදි මෙම තරුණිය කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. මියගිය අනෙක් පුද්ගලයා ද කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු බවටයි එරට වාර්තා තහවුරු කළේ. ඔහු 25 හැවිරිදි තරුණයෙක්. ප‍්‍රහාරයේ වගකීම අයිඑස් ත‍්‍රස්තවාදීන් භාරගත්තා. ලන්ඩන් පාලම මත සිදුවූ පිහි ඇණුමේ සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා ද පොලිස් වෙඩි ප‍්‍රහාරයෙන් මියගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. අඛණ්ඩව සිදුකෙරෙන පරීක්ෂණවලදී තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. ත‍්‍රස්ත ප‍්‍රහාර සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වාදෙන්නේ. එහෙත් ලන්ඩන් පාලම මත සිදුවූ පිහි ඇණුමට මෙම පුද්ගලයාගේ ඍජු සම්බන්ධයක් ඇති බවට තොරතුරු වාර්තා නොවන බව ස්ටැෆර්ඩ්ෂයර් පොලීසිය පවසනවා. ප‍්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කරමින් ඉරුදින විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වුණා.

The post ලන්ඩන් පිහි ඇණුමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අනන්‍යතාවත් හෙළිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG