Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර ඇති අවදානම් නිවේදන තවදුරටත්  

Add comments

අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් බොහෝ පිරිසක් තවමත් ආරක්ෂිත ස්ථානවල තාවකාලිකව රඳවා සිටිනවා. ඔවුන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර ඇති අවදානම් නිවේදන ද තවදුරටත් බලපැවැත්වෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර වලපනේ ඉලුක්පැලැස්ස කන්ද නායයාම හේතුවෙන් අතුරුදන් වූ 15 වියැති දරුවාගේ සිරුර සෙවීමේ කටයුතු නතරකර තිබෙනවා. ඒ අනුව ඊයේ පස්වරුවේ සිට මෙහෙයුම් සිදුනොකරන බවයි එම කටයුතුවල නිරතව සිටි භටපිරිස් ප්‍රකාශ කළේ. මෙම ස්ථානයේ පවතින දුෂ්කරතාව සහ මෙහෙයුම්වල ප්‍රතිඵල රහිතභාවය හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

පුත්තලම , මූන්දලම ගම්මාන 4 ක පවුල් 400 කට වැඩි පිරිසක් අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. මාන්චෝලේ , කට්ටකඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස රැසක් තවමත් ජලයෙන් යටව පවතිනවා. වගා බිම් අක්කර 50 කට වැඩි ප්‍රමාණයක් ද විනාශයට පත්වුණා.

අධික වර්ෂාපතනය හේතුවෙන් වැලිඔය , ඇහැටුගස්වැව වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් වැව් බැම්ම කපා ජලය ඉවත් කිරීමටයි ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබෙන්නේ.

තවද උඩවලව ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා. පහත්බිම්වල සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග ඉංජිනේරුවරුන් දැනුම් දෙන්නේ.

The post දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර ඇති අවදානම් නිවේදන තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG