ඇතැම් බදු අහෝසි කිරීම හා ඇතැම් බදු අඩු කිරීම හේතුවෙන් ආයෝජකයන් වැඩිවශයෙන් මේ වනවිටත් ආයෝජනවලට පෙළඹී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුරයේ දී මාධ්‍යවේදීන් හමුවේ අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වුණා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා එම ස්ථානයට පැමිණ සිටි ජනතාව සමග ද කතාබහ කළා. අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි. පසුව මිරිසවැටි විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥාණතිලක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය වෙතද පැමිණියා.
එහිදී විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සිටියා.
The post බදු සහන දීමෙන් ආයෝජන ඉහළ ගොස් ඇතැයි අගමැති පවසයි appeared first on ITN News.
Post a Comment