සාගරයේ ඔක්සිජන් අහිමිවීමේ දරුණු තත්ත්වයක් මතුව ඇති බව සාගර විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
දේශගුණ විපර්යාස සහ වායුපෝෂක දූෂණය වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එය මුහුදු ජීවීන්ට, ධීවර කටයුතුවලට සහ වෙරළබඩ ප්‍රජාවට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි ද විද්‍යාඥයින් සඳහන් කරනවා. අවම ඔක්සිජන් මට්ටමක් සහිත සාගර ප්‍රදේශ 700 ක් පමණ හඳුනාගත්තා. 1960 වසරේදී එවැනි ප්‍රදේශ 45 ක් පමණක් පැවතුන බවයි ඔවුන් සඳහන් කරන්නේ. ජෛව විවධත්වයට, වාණිජමය වශයෙන් වැදගත් විශේෂවල ජෛව ස්කන්ධය අඩුවීමට සහ දුර්ලභ ජීවීන්ට මෙම තත්ත්වය වැඩිවශයෙන් බලපෑම් කරනු ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඔක්සිජන් අවම වීමෙන් ටූනා, මාලින් සහ මෝරුන් වැනි මත්ස්‍ය විශේෂවලට වැඩිම බලපෑමක් එල්ල වනවා. පොසිල ඉන්ධණ විමෝචනයෙන් හතරෙන් එකක් පමණ අවශෝෂණය කර ගන්නේ සාගරයයි. ගෝලීය බලශක්ති ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වීමත් සමඟම සාගරයට අවශෝෂණය කරගත හැකි විමෝචන ප්‍රමාණය සන්තෘප්ත ස්ථානයට පැමිණේයැයි සැකයක්ද පවතිනවා. මෙම තත්ත්වයත් සමඟ දේශගුණ විපර්යාසවලින් සාගරයට එල්ල වන බලපෑම අවම කර ගැනීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි සාගර විද්‍යාඥයින් ලෝක ප්‍රජාවට පෙන්වා දෙන්නේ.
The post අවම ඔක්සිජන් සහිත සාගර කලාප 700ක් appeared first on ITN News.
Post a Comment