බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍ය අධිකරණයක් මගින් පවුම් දෙදහස් හාරසියයක දඩ මුදලක් නියම කර ඇත්තේ දේශපාලන පෙළඹවිම් මත බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. කෙසේ වුව ද ඒ මහතාට සියලු රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද සිද්ධිය වන අවස්ථාවේදී හිමව තිබූ බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
මහා බ්‍රිතාන්‍යයේ මහජන ආඥා පනතේ හතර ඒ වගන්තියට අනුව වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය මගිනුයි මෙම නඩු තීන්දුව ලබා දුන්නේ. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය පිළිබද ඉදිරිපත් කළ තර්ක සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය නිසි අවධානයක් යොමුකර නැහැ. විදේශ සබදතා අමාත්‍යාංශය අවධාරණය කරන්නේ බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතා අඛණ්ඩවම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සැලකීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවයි.
ඒ අනුව 1961 වසරේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබද වියානා සම්මුතියේ 31 වන වගන්තියට අනුව බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතාට පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමි බව ද අමාත්‍යාංශය පවසනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා පොදු රාජ්‍ය මණ්ඩලයිය කාර්ය මණ්ඩලය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. එසේම මහා බ්‍රිතාන්‍ය රජය ද නියමිත නෛතික බැඳීම් සඳහා අනුගත වන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.
The post බ්‍රිගේඩියර් ප්‍රියංකගේ තීන්දුව දේශපාලන පෙළඹවීමක් මත සිදුවූවක් – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක් appeared first on ITN News.
Post a Comment