Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී මාලදිවයින් ඒකාබද්ධ කොමිෂන් සභාව ලබන වසරේ පළමු කාර්තුවේදී  

Add comments

ශ‍්‍රී ලංකා මාලදිවයින් ඒකාබද්ධ කොමිෂන් සභාව ලබන වසරේ පළමු කාර්තුවේදී කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ, මාලදියින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා සාහිඩ් මහතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ.

දෙරට අතර ආර්ථික සහයෝගිතාව, වෙළඳාම, ධීවර කටයුතු, අධ්‍යාපනය, සෞඛ්‍ය, සේවා නියුක්තිය, සංචාරක හා සංස්කෘතික සහයෝගිතාව යන අංශ මෙම කොමිෂන් සභාව මඟින් ආවරණය කෙරෙනවා. සමාජ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මාලදිවයින සමඟ ශ‍්‍රී ලංකාව දිගුකලක් පවත්වා ගෙන යන හවුල්කාරිත්වය තම රටේ ඇගයීමට ලක්වන බවද මාලදිවයින් විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. මාලදිවයිනේ සංචාරයක නිරතවන ලෙස එරට විදේශ අමාත්‍යවරයා සිදු කළ ආරාධනය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිගෙන ඇති බවයි විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර, මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟද සාකචඡාවකට එක්වුණා. ආර්ථික, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත‍්‍රවල ශ‍්‍රී ලංකාව නියැලී සිටින කටයුතු පිළිබඳව ඔහු එහිදී ප‍්‍රසාදය පළකර තිබෙනවා.

The post ශ්‍රී මාලදිවයින් ඒකාබද්ධ කොමිෂන් සභාව ලබන වසරේ පළමු කාර්තුවේදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG