Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වව්නියාවේ බස් රථයකින් රුපියල් කෝටියක හෙරොයින්  

Add comments

රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් වව්නියාවේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ කොළඹ සිට මන්නාරම දක්වා ගමන් ගත් බස් රථයක් සෙට්ටිකුලම පොලිස් මාර්ග බාධකයේදී පරික්ෂා කළ අවස්ථාවේදී. බස් රථයේ බෑගයක් තුළ සඟවා තිබියදී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ. අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කිලිනොච්චිය පුනරින් ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

ඔහු මන්නාරම ඇතුලු ප‍්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදාහරින බවට ද තොරතුරු හෙළිවුණා. සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරිපත් කරන්නේ වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට.

The post වව්නියාවේ බස් රථයකින් රුපියල් කෝටියක හෙරොයින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG