Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොස්ගොඩ රංවල පාලම යටින් ගිනි අවි සහ ගිනි අවි කොටස් කිහිපයක් හමු වෙයි  

Add comments

කොස්ගොඩ, රංවල පාලම යට තිබී ගිනි අවි සහ ගිනි අවි කොටස් කිහිපයක් හමුවුණා.

ස්නයිෆර් ගිනි අවි දෙකක් හා ඒවාට යොදන උණ්ඩ නවයක්, ටී 56 වර්ගයේ ගිනි අවි කොටස් හා එහි මැගසින් කොටස් හයක් මෙන්ම බෝර 12 ගිනි අවි කොටස් මෙසේ සොයා ගැණුනා. විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන අංශය මගිනුයි මේවා සොයාගෙන ඇත්තේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දිවයින පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මේවා ගගට විසිකරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. පාලම යට අඩි 5 ක් පමණ ගැඹුරු දියේ පොහොර උරවල බහා තිබියදී අවි ආයුද හා කොටස් සොයා ගැණුනේ.

මේ අතර කැළණි ගග ආශ්‍රිත අවිස්සාවේල්ල සිට වැල්ලම්පිටිය දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් පිහිටුවා තිබෙනවා. මෙම ප්‍රදේශයේ ජනතාව සතු ඉඩම් ඔවුන් බියගන්වා අඩු මිලට ගෙන ගොඩකර අලෙවිකිරීමේ හා කප්පම් ලබාගැනීමේ සිද්ධීන් රැසක් වාර්තාවීම හේතුවෙනුයි මෙම ඒකකය පිහිටුවා ඇත්තේ. පෑලියගොඩ පිහිටි බස් නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ මෙය පිහිටුවා තිබෙනවා.

 

 

The post කොස්ගොඩ රංවල පාලම යටින් ගිනි අවි සහ ගිනි අවි කොටස් කිහිපයක් හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG