Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විද්‍යා සිසුවිය ඝාතන වැරදිකරුවන්ගේ අභියාචනා විභාගයට දින නියම කෙරේ  

Add comments

යාපනයේදී විද්‍යා නැමැති පාසල් සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබාසිටින විත්තිකරුවන් ගොණුකර ඇති අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

ඒ අනුව මැයි මස 19 වනදා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අභියාචනා කැඳවීමටයි තීරණය කළේ. යාපනය පුන්කුඩිතිව් ප‍්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා නැමැති පාසල් සිසුවිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කළේ 2015 වසරේදී. සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන්වූ හත් දෙනෙකුට යාපනයේ ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණ දණ්ඩනය නියම කළා. ඒ 2017 වසරේ සැප්තැම්බර් මස 27 වනදා.

කෙසේවෙතත් ඒ පිළිබදව අභියාචනයක් ඉදිරිපත් කරමින් විත්තිකරුවන් ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට මරණ දණ්ඩනය පනවා තිබෙන ආකාරය නීතිවිරෝධී බැවින් එය අහෝසි කොට සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

The post විද්‍යා සිසුවිය ඝාතන වැරදිකරුවන්ගේ අභියාචනා විභාගයට දින නියම කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG