හෙද නිලධාරීන්ට හෙද උපාධි පාඨමාලාව හැදෑරීමට කඩිනමින් අවස්ථාව ලබාදීම කෙරෙහි අවධානය යොමුවුණා.
ඒ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරින් ඒ සඳහා එක්ව සිටියා. එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ හෙද උපාධිය ලබාගැනීම සඳහා කඩිනමින් අවස්ථාව ලබාදෙන ලෙස අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කළා.
ඒ සඳහා අවධානය යොමුකළ පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ භෙද නිලධාරින්ගේ අධ්‍යාපනය සහ වෘත්තිය කුසලතා මෙන්ම හෙද ක්ෂේත‍්‍රයට අදාළ ගැටලු විසඳීම කෙරෙහි කඩිනමින් පියවර ගන්නා බවයි.
The post හෙද නිලධාරීන්ට හෙද උපාධි පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලබාදීම කෙරෙහි අවධානය appeared first on ITN News.
Post a Comment