නව රජයේ පළමු විදේශ ආයෝජනය ඇමෙරිකා ඩොලර් මිලියන 250ක මිශ්‍ර ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
කොළඹ බාලදක්ෂ මාවතේ බේරේවැව සහ ෂැන්ග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කෙරෙනවා. විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මේ තුළින් මහල් තිහක වාණිජ කුළුණක් ඉදිකිරීම යෝජිතයි. නව නිවාස ඒකක 700ක් ද ස්ථාපනය කෙරෙනවා. මීට අමතරව සිල්ලර සහ ආහාර වෙළෙදසැල් සදහා ද ගොඩනැගිල්ල තුළ පහසුකම් පවතිනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩින්ස් සමාගමට ආයෝජන කටයුතු සදහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පසුගියදා අනුමැතිය හිමිවුණා. මෙම ආයෝජනය සදහා ළගදීම අත්සන් කිරීමත් සමග ව්‍යාපෘතිය සදහා අදාළ භූමිය එම සමාගමට බදු පදනම මත ලබා දීමට නියමිතයි. එහිදී බදු කුළිය ඇමෙරිකා ඩොලර් මිලියන 43ක මුදල ශ්‍රී ලංකා රජය වෙත ලැබෙන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ.
The post නව රජයේ පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් appeared first on ITN News.
Post a Comment