ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රමුඛත්වය ලබා දුන් අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය සදහා වූ ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම ආයතන නිලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. අධ්‍යාපන ක්ෂේත්රයේ පැතිකඩ රැසක කඩිනම් වෙනසක් සඳහා ජනාධිපතිතුමාගේ අවධානය යොමුවී තිබෙනවා. තාක්ෂණය මුල් වූ ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. විභාගය කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයෙන් මිදී දරුවන්ගේ කරමත පැටවී ඇති ඉසිලිය නොහැකි බර ඉවත් වන ආකාරයේ පසුබිමක් සැකසිය යුතු බව ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා. රටේ අවශ්‍යතා මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ විෂය නිර්දේශ හා විෂය මාලාවන් සැකසී ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම ද මෙහිදී පැහැදිලි කෙරුණා. අධ්‍යාපනයට අදාළ තීරණ ගැනීම දේශපාලනයෙන් බැහැරව අධ්‍යාපනඥයන් සිදු කිරීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා. එමෙන්ම පුරප්පාඩු පවතින ආයතනවලට ගැලපෙන අයුරින් රැකියා විරහිත උපාධිධාරීන් පුහුණුකර ඒ සඳහා යොමු කිරීමට කඩිනම් පියවර ගත යුතු බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. පසුගිය වසරේ අපොස උසස් පෙළ සමත් දරුවන් කඩිනමින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට පියවර ගත යුතුව තිබෙනවා. කෙටිකාලීන වශයෙන් රටට අවශ්‍ය ශ්රමබලකාය බිහි කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඩිප්ලෝමා පාඨමාලා ඇති කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවේදී අවධානය යොමුවුණා. රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ගුරු විද්‍යා පීඨ හා හෝටල් පාසල් ආරම්භ කිරීමට කටයුතු කළ යුතුයි. මඩකලපුව විශ්වවිද්‍යාලය ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එක්කර ජාතික සම්පතක් ලෙස ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ අවශ්‍යතාව සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවස්ථාව විශ්වවිද්‍යාලවලට ලබා දීමට කාලය එළඹ ඇති බව ද මෙහිදී සඳහන් කළා. තවත් කරුණු රැසක් සාකච්ඡා කෙරුණු අතර අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම හා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ඇතුලු පිරිසක් මීට එක්ව සිටියා.
The post ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රමුඛත්වය දුන් අධ්‍යාපන ක්‍රියාමාර්ග කඩිනම් කරන්නැයි ජනපතිගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.
Post a Comment