ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මල්ලකූටා නගරයේ ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රාන්තයේ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමට එරට නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට ලැව් ගිනි හේතුවෙන් අවතැන්ව ඇති පිරිස හාරදහසක් පමණ වනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් ගණන 19 ක්. 28 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
නිවාස 1200 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. උෂ්ණ කාලගුණය සහ අධික සුළං හේතුවෙන් ලැව් ගිනි සීඝ්රයෙන් පැතිර යන බවට එරට කාලගුණ අංශ අනතුරු ඇගවීම් ද නිකුත් කළා.
The post ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් සිරවී සිටින්නන් මුදා ගැනීමට නාවික හමුදාවෙන් මෙහෙයුමක් appeared first on ITN News.
Post a Comment