මෙක්සිකෝ නගරයේ ප්ලාස්ටික් භාවිතය තහනම් කර නියෝගයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක මෙම නීතිය මේ වන විට ඵලදායක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවයි මෙක්සිකෝ නගර වාර්තා සදහන් කරන්නේ. භාණ්ඩ මිලදී ගැනීමේදී ප්ලාස්ටික් බෑග් ලබා දෙන සාප්පුවලට එරෙහිව දඩ මුදලක් නිකුත් කිරීමටද කටයුතු කර තිබෙනවා. භාණ්ඩ මිලදී ගැනීමේදී කඩදාසි හෝ පන් වර්ගයකින් නිෂ්පාදනය කරන ලද බෑගයක් රැනෙ යාම අනියවාර්ය වේ.
ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ වසරකට ප්ලාස්ටික් මෙට්‍රික්ටොන් මිලියන 08 ක් රටවලින් මහමුහුදට අපද්‍රව්‍ය ලෙස එක්කරන බවයි.
The post මෙක්සිකෝ නගරයේ ප්ලාස්ටික් භාවිතය තහනම් කරමින් නියෝගයක් appeared first on ITN News.
Post a Comment