මැද පෙරදිග කලාපයට අමතර හමුදා සාමාජිකයන් තුන්දහසක් යොදවන බව ඇමරිකාව ප්‍රකාශ කලා.
ඒ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත. කලාපයේ ස්ථානගතවී සිටින ඇමරිකා හමුදා සාමාජිකයන්ට එල්ලවිය හැකි ප්‍රහාරවලට මුහුණදිය හැකි පරිදි බලකායක් නිර්මාණය කිරිමයි අරමුණ. ට්‍රම්ප්ගේ උපදෙස් මත ඉරාන හමුදා ප්‍රධානීයෙකු වන කසිම් සොලෙයිමානි ඝාතනය කිරිමෙන් පසුව උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් ඇමරිකාව මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
The post මැද පෙරදිග කලාපයට අමතර හමුදා සාමාජිකයන් තුන්දහසක් appeared first on ITN News.
Post a Comment