නව වසරේ පළමු පාසල් වාරය අද (02) ආරම්භ වනවා.
සාමාන්‍ය පෙළ ඇගයීම් සිදුකරන පාසල් වලින් 37ක් පමණක් අධ්‍යයන කටයුතු සදහා විවෘත වන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ. තවත් පාසල් 47 ක නව අධ්‍යයන වාරය ආරම්භ වන්නේ ලබන සඳුදා. සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් ලබන සෙනසුරාදා අවසන් කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.
මේ අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රතිඑල මෙම සති අන්තයේදි නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළා.
The post නව වසරේ පළමු පාසල් වාරය ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment