අමතර පන්ති ගුරුවරයෙක් සමග නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන සිටි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නල්ලතන්නිය ප්‍රදේශයේදී. ඊයේ (03) රාත්‍රී 11.30 ට පමණ නල්ලතන්නිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි ඔවුන් අත්අඩංගුවට ගැණුනේ. පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා මහනුවර- වත්තේගම සහ පන්විල ප්‍රදේශවල පදිංචි කරුවන්. ඔවුන්ගේ වයස අවුරුදු 16 ක්. අමතර පන්ති ගුරුවරයාගේ වයස අවුරුදු 45 ක් බවයි පොලිසිය සදහන් කළේ. ශිෂ්‍යාවන් දෙදෙනා වත්තේගම ප්‍රදේශයේ දමිල පාසලක අධ්‍යාපන හදාරන බවත්,මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ඇති බවත්, පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙලිවුණා.
අත්අඩංගුවට ගත් ගුරුවරයා වත්තේගම ප්‍රදේශයේ ඉංග්‍රිසි විෂය සදහා අමතර පන්ති පවත්වන පුද්ගලයෙක්. ශිෂ්‍යාවන් ශ්‍රිපාද වන්දනාවේ යෙදෙන බව පවසා නිවෙස්වලින් පැමිණ තිබෙනවා. ඔවුන් අද (04) දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමට නියමිත බවයි නල්ලතන්නිය පොලිසිය සදහන් කළේ.
The post අමතර පන්ති ගුරුවරයෙක් සමග නිවාඩු නිකේතනයක සිටි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment