ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇතැම් ප්‍රදේශවල තවමත් ජලය බැසගොස් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මේවන විටත් තාවකාලික කූඩාරම්වල රැදී සිටිනවා. එරටට බලපෑ තද වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වයට අමතරව නායයාම්ද සිදුවුණා.
අතුරුදන් පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ඉන්දුනීසයාවේ ජාතික ආපදා අවම කිරීමේ කාර්යාංශයේ ප්‍රකාශක අගුස් විබෝවා සදහන් කළේ.
The post අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවට තවදුරටත් බලපෑම් appeared first on ITN News.
Post a Comment