ඉරාන හමුදා ජෙනරාල්වරයා ඝාතනය කළ ගුවන් ප්‍රහාර එල්ල කළේ යුද්ධය නැවැත්වීමට බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
පසුගියදා ඇමෙරිකා ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියා වන ජෙනරාල් කසීම් සොලෙයි මානි ජීවිතක්ෂයට පත්වුණා. ඒ ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන්තොටුපල ආසන්නයේදීයී. මෙම ගුවන් ප්‍රහාරය පිලිබද අදහස් දක්වමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කියා සිටින්නේ යුද්ධයක් ආරම්භ කිරීමට නොව අවසන් කිරීම සදහා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
මෙම ගුවන්ප්රහාරයත් සමග ඉරානයත් ඇමෙරිකාවත් අතර රාජතාන්ත්‍රික ගැටුම් උග්රවුණා. ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ප්‍රකාශ කළේ ඇමෙරිකාවෙන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි පලි ගැනීමක් සිදු කරන බවයි.
The post ඉරාන හමුදා ප්‍රධානීයා ඝාතනය කළේ යුද්ධය අවසන් කිරිමේ අරමුණෙන් බව ඇමරිකා ජනපති කියයි appeared first on ITN News.
Post a Comment