තවත් දස දහස් සංඛ්‍යාත පිරිසකට නිවාසවලින් ඉවත්වන ලෙස ඔස්ටේරිලියා බලධාරින් දැනුම්දී තිබෙනවා.
ඒ වේගයෙන් ව්‍යප්තවන ලැව්ගිනි හේතුවෙන්. දැඩි සුලං තත්වය හේතුවෙන් ගින්න නිවීම ඉතා අපහසුවී ඇති බවයි ඔස්ටේරිලියා වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව ඉදිරි දින කිහිපය ඉතා භයානක විය හැකි බවට බලධාරින් අනතුරු ඇගවීමක්ද සිදුකර තිබෙනවා.
ජීවිත ආරක්ෂා කිරිමේ අරමුණෙන් පමණක් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි ඔවුන් සදහන් කළේ. සැප්තැම්බර් මාසයේ සිට පවතින ලැව්ගිනි හේතුවෙන් ඔස්ටේරිලියාවේ මියගිය ගණන විස්සක්. තවත් පහලොවකට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටිනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් ලක්ෂයකට වැඩි පිරිසකට නිවාස අහිමිවි ඇතැයිද ඔස්ටේරිලියා වාර්තාවල සදහන්. අද (04) දිනයේදී ඉවත්වන ලෙසයි තවමත් රැදී සිටින ජනතාවට දැනුම්දී තිබෙන්නේ.
The post ඔස්ටේරිලියාවේ තවත් දස දහස් සංඛ්‍යාත පිරිසකට ඉවත්වන්නැයි බලධාරින්ගෙන් දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment