කොළඹ සහ බදුල්ල අතර විශේෂ දුම්රියක් ලබන 9 වනදා සිට ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
ඒ එම සති අන්තයේ දීර්ඝ නිවාඩුව වෙනුවෙන්. කොළඹින් රාත්රී 7.35 ට පිටත්වන දුම්රිය අලුයම 4.43 ට බදුල්ලට ලගාවීමටයි නියමිත. යළිත් බදුල්ලෙන් රාත්රී 8.30 ට පිටත්වන දුම්රිය අලුයම 5.27 ට පමණ කොළඹ කොටුවට ලගාවීමටයි සැලසුම් කර තිබෙන්නේ.
ජනවාරි 9,10, 12 සහ 14 දිනයන්හිදි දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළා. ආසන වෙන්කිරීමේ පහසුකම්ද සලසා තිබෙනවා.
The post කොළඹ සහ බදුල්ල අතර විශේෂ දුම්රියක් appeared first on ITN News.
Post a Comment