වත්මන් රජය සමෘද්ධිය ලබා දීමේදී පක්ෂ පාට සලකන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්රි තේනුක විදානගමගේ මහතා පවසනවා. සුදුසු පුද්ගලයින්ට සමෘද්ධිය ලබා දිය යුතු බවයි ඒ මහතා පවසන්නේ.
තේනුක විදානගමගේ මහතා මෙම අදහස් පළකළේ මහියංගන ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදීයි. මහියංගන කොට්ඨාසයේ සමෘද්ධි ලාභීන් 131 දෙනෙකු සදහා අඹ පැළ 25 බැගින් බෙදා දීම මෙහිදී සිදු කෙරුණා.
දිවයින පුරා පැල සිටුවීමේ වැඩසටහනට සමගාමීව සමෘද්ධිලාභීන් නගා සිටුවීමේ අරමුණෙනුයි මෙසේ අඹ පැල බෙදා දීම සිදු කෙරුණේ.
The post වත්මන් රජය සමෘද්ධිය ලබා දීමේදී පක්ෂ පාට සලකන්නේ නැහැ appeared first on ITN News.
Post a Comment