Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජිත මාරුවෙයි (Video)  

Add comments

ආතතිය හා අධි රුධිර පීඩනයෙන් පෙළීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකට ඇතුළත්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද සාමාන්‍ය වාට්ටුවකට මාරු කළ බව වාර්තාවනවා.

අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පෙරේදා නියෝග කළා. අධිකරණය වරෙන්තු නිකුත් කොට දින 2 ක් රාජිත සේනාරත්න මහතා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ද සොයාගත නොහැකිව අතුරුදන්ව සිටියා. ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දායි නාරාහේන්පිට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණේ. එහිදී අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත්තා. මෙහිදී ඔහුගේ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ආතතිය හා අධි රුධිර පීඩනය හේතුවෙන් රාජිත සේනාරත්න මහතා වෙනත් රෝහලකට  මාරු කළ නොහැකි බවයි. කෙසේ වුව ද අද දිනයේ ඔහු දැඩි සත්කාර ඒකකයෙන් වෙනත් වාට්ටුවකට මාරු කරන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබෙනවා.

 

The post රාජිත මාරුවෙයි (Video) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG