කල් ඉකුත් වූ බේකරි නිෂ්පාදන හා කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5 ක් වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසනවා.
පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෝගය ඇතිව මෙම වැටලීම සිදු කෙරුණා. වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආහාර නිෂ්පාදනාගාරයක් සහ අවහන්හල් ජාලයකට ආහාර සපයන ආයතනයක ගබඩා පරික්ෂා කිරීමකුයි මෙහිදී සිදු වූයේ.අදාළ පරික්ෂා කිරීමේදී කල් ඉකුත් වූ නිෂ්පාදනවල පැරණි ලේබල ඉවත් කර නව ලේබල අලවමින් සිටින ආකාරය දැක ගැනීමට ලැබුණා. මෙම භාණ්ඩවල වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 15 ක් බවයි පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පවසන්නේ. එම ආයතනය බේකරි නිෂ්පාදන අමුද්‍රව්‍ය ඇමෙරිකාව, ඩුබායි සහ ජර්මනිය යන රටවලින් ආනයනය කර වෙළඳපලට සහ ප්‍රධාන හෝටල්වලට සපයන බවද වැඩිදුර පරික්ෂණවලදී හෙළි වුණා. අදාළ සමාගමට එරෙහිව නඩු පවරන බවයි අධිකාරිය සදහන් කළේ.ගබඩාවට මුද්‍රා තබා පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනවා. ඉදිරි උත්සව සමයේදී මෙම භාණ්ඩ වෙළඳපලට නිකුත්වීම වැළැක්වීමට තමන්ට හැකි වූ බවයි පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය සදහන් කළේ. අධිකාරියේ 1977 කෙටි දුරකතන අකංය වෙත මෙවැනි වංචනික ස්ථාන පිලිබදව දැනුම්දීමට හැකි වනවා.
The post කල් ඉකුත් වූ ආහාර ටොන් 17.5 ක් වැටලීමකදී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment