එයාර් බස් ගනුදෙනුවේදී සිදු වූ බව කියන අක්‍රමිකතා ගැන සෙවීමට පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා නියෝග කර තිබෙනවා.
ගුවන් යානා මිලදී ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා එයාර් බස් සමාගම අතරයි ගනුදෙනුව සිදුවුණේ. එහිදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා බලධාරීන්ට නියෝග කර තිබෙනවා. ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩ්‍රස්ට්‍රීස් සමාගම සමග කළ ගනුදෙනුවේදී ඇතැම් පුද්ගලයන් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා පුවත්පත්වල හා වෙබ් අඩවිවල පළ වී තිබුණා. එම මාධ්‍ය වාර්තා දුටු වහාම ජනාධිපතිතුමා නියෝග කළේ මෙම චෝදනා පිළිබඳ සෑම අංශයක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරික්‍ෂණයක් කර ප්‍රතිඵල දැනුම් දෙන ලෙසයි.
The post එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා සෙවීමට විමර්ශනයක් කරන්නැයි ජනපතිගෙන් නියෝග appeared first on ITN News.
Post a Comment