ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට ලන්ඩන් පොලීසිය කටයුතු කළා. එම පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පිටි ඇනුමක් සිදු කර පලා යමින් සිටි අවස්ථාවේදීයි ලන්ඩන් පොලීසිය වෙඩි තබා ඇත්තේ. පිහිඇනුමෙන් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්. අන්තවාදී ආගමික සංවිධානයකට අයත් සැකකරු මීට පෙර ත්‍රස්ත චෝදනා මත සිරගතව සිට නිදහස් වූ අයෙක්. ඔහු සතුව තිබී අන්තවාදී ආගමික සංවිධානයකට අයත් භාණ්ඩ කිහිපයක්ද හමුවි තිබෙනවා.
බීමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කුඩා දරුවන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නරගයේදීයි අනතුර සිදුව තිබෙන්නේ. වයස අවුරුදු 9, 11 සහ 12 , 13 යන වයස්වල පසුවූ දරුවන් 4 දෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ඔවුන්ගෙන් තුන්දෙනෙකු එකම පවුලේ සමාජිකයන්. රියදුරුට එරෙහිව චෝදනා 20 ක් යටතේ නඩු ගොනු කර තිබෙනවා. රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවන් මෙසේ අනතුරට පත්වී තිබෙනවා. සිද්ධියෙන් තවත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලැබුවා.
The post ලන්ඩන් පොලීසියෙන් ත්‍රස්තවාදියෙකුට වෙඩි appeared first on ITN News.
Post a Comment