ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරුණා.
ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහනේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණා.ස්ථිර නිවසක් අහිමිව සිටි සුගත් එදිරිසිංහ මහතාගේ පවුල සඳහා නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමෙන් ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි අප වාර්තා කරුවන් සඳහන් කළේ. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 64 ක් සඳහා නව නිවාස ඉදිකර දීමට නියමිතයි.
කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස ඉදි කිරීමේ වැඩසටහන ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළොන්නාව ප්‍රධාන සංවිධායක අජිත් සුබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ බලගල ප්‍රදේශයේ ද ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහනක් ආරම්භ කෙරුණා. ඒ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි ඉසුරු දොඩන්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ දෙව්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ද ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය රජය සමයේ දී නිවාස ඉදිකිරීමට වඩා ප්‍රවර්ධන වැඩසටහන් වලට මූලිකත්වය දුන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පුතූර් හා පට්ටිරුප්පු ප්‍රදේශවල ද ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන ආරම්භ වුණා. ඒ මඩකලපු දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එස් වියාලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන්.
ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කෙරුණා. ඒ ඇතුල්ගේ වත්ත ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පවුලක් වන කේ. ප්‍රේමශීලී මහත්මියගේ නිවස තනාදීම සඳහා මුල්ගල තැබීමෙන්. රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකෙරෙන පළමු නිවස සඳහා මුල්ගල් තැබීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීරිගම සංවිධායිකා කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සාමාජිකයන් 6 දෙනෙකුගෙන් සමන්විත අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකිරීම සදහායි මුල්ගල තැබීම සිදු කෙරුණේ.
The post ගමට ගෙයක් රටට හෙටක් රටපුරා appeared first on ITN News.
Post a Comment