තවදුරටත් බාල ගනයේ දේශපාලනයකිරීමට සූදානම් නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සෘජුව හා වක්‍රව බැදුම්කර වංචාවට සම්බන්ධ වූවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබා දිය යුතු බවයි.
වෝහාරික විගණන වාර්තාව ලෝකයේ ප්‍රධානතම විගණන ආයතන දෙකක් විසින් සකස් කලා. මේ සඳහා කිසිදු ලාංකිකයෙක් සම්බන්ධ වී නැහැ. සාමාන්‍ය විගණන වාර්තාවකට එහාගොස් අපරාධමය වරදක් සිදු වී ඇද්ද යන්න පිලිබඳව විමර්ශනය කිරීම වෝහාරික විගණනය තුළින් සිදු කෙරෙනවා. ඒ අනුව මෙහි මූලික විගණන දෙකක් සිදු කර තිබෙනවා. එනම් බැදුම්කර වෙළඳපලේ පැවති ගණුදෙනු සහ කොටස් වෙළඳපලේ පැවති ගණුදෙණු පිලිබඳවයි. මෙම විගණන වාර්තාව සකස් කිරීමේදී තෝරාගත් පුද්ගලයන්ගේ ජංගම දුරකතන වාර්තා, ලැප්ටොප් ආදියද පරික්ෂා කොට තිබෙනවා. එසේම වාර්ථාව සකස් කිරීමේදී ඇතැම් පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා තොරතුරු රැස්කර ගෙන තිබුණද අර්ජුන් මහේන්ද්‍රන් සමග සාකච්ඡා කිරීමට ඔවුන් නොහැකි වූ බවයි එම වාර්තාවල සඳහන් වන්නේ. කෙසේ වුවත් ඔහු භාවිතා කළ ඩිජිටල් සන්නිවේදන උපකරණ ඔවුන් සතුව පවතින බවත් ඒවා පරික්ෂා කළ බව හා මකාදැමූ දුරකතන දත්ත පවා නැවත ලබා ගනිමින් ඒවාද පරික්ෂා කළ බව වෝහාරික වාර්තාවේ සඳහන් වනවා.
The post තවදුරටත් බාල ගනයේ දේශපාලනය කිරීමට සූදානම් නැහැ appeared first on ITN News.
Post a Comment