Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හුබෙයි දේශපාලන ප‍්‍රධානියා ධුරයෙන් ඉවත්කෙරේ  

Add comments

චීනයේ හුබෙයි පලාතේ දේශපාලන ප‍්‍රධානියා ධුරයෙන් ඉවත්කර තිබෙනවා.

ඒ කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත්වීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන්. වෛරසය ආසාධනය වූ හුබෙයි පලාතේ දෙසීය හතලිස් දෙදෙනෙකු ඊයේ (12) මියගිය බව චීන මාධ්‍ය වාර්තා කළා. වෛරසය ව්‍යප්තිය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා කාලයේදී වැඩිම පිරිසක් මියගිය දිනය එය බවයි එම වාර්තා මගින් පෙන්වා දුන්නේ.

වෛරසය හේතුවෙන් මේවන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1350 ක්. හැට දහසකට පමණ වෛරසය ආසාධනය වූ බවට හදුනාගෙන තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය පිලිබදව අනාවැකි පළකළ නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළේ. වෛරසය කෝවිඩ් නයින්ටීන් ලෙස මේවන විට නම්කර තිබෙනවා.

 

The post හුබෙයි දේශපාලන ප‍්‍රධානියා ධුරයෙන් ඉවත්කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG