COVID-19 වෛරසය හේතුවෙන් ඇමෙරිකාව , මැද පෙරදිග රටවල හා යුරෝපා කලාපයේ නායකයන් සංචාරක තහනම් පනවා තිබෙනවා.
වෛරසය හේතුවෙන් වායු දූෂණය පහත වැටී ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.
මේ අතර දකුණු කොරියාවේ සිට මෙරටට ශ්‍රී ලාංකිකයන් 137 දෙනෙකු පැමිණ සිටිනවා. ඔවුන් අතරින් දෙදෙනෙකුට උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
චීනයේ රථවාහන ධාවනය , කර්මාන්ත ශාලා කටයුතු ඇතුළු මිනිස් ක්‍රියාකාකරම් අවම වීමෙන් වායු දූෂණය අඩුවී ඇති බවයි නාසා ආයතනය චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් සිදු කළ පරික්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ. COVID-19 වෛරසය මේ වන විට ව්‍යාප්ත වීඇති රටවල් සංඛ්‍යාව 61කට අධිකයි. වෛරසය නිසා මරණයට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2981ක්. ආසාදනයට ලක්වූවන්ගේ සංඛ්‍යාව 86906ක් වන අතර 41958 දෙනෙකු සුවවී තිබෙනවා. චීනයට පසු COVID-19 වෛරසය ආසාදනයෙන් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ ඉරානයෙන්. ඒ මරණ 43ක්. චීනයට පසු වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. ඒ ආසාදිතයන් 3736ක්. දකුණු කොරියාවේ COVID-19 මරණ 18ක්ද වාර්තා වුණා. දින 45 ක් වයසැති කුඩා බිළිදෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.
දකුණු කොරියාවේ නගර රැසක අද දිනයේ දේව මෙහෙයන් පැවැත්වුණේ නැහැ. ඉතාලියේ ද වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන අතර ජීවිතක්‍ෂයට පත් වූ සංඛ්‍යාව 29ක්.
ඇමෙරිකාවේ හා තායිලන්තයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පළමු මරණ අද වාර්තා වුණා. පාකිස්තානය වෛරසය පාලනය කිරීමේ අරමුණින් ඇෆ්ගනිස්ථාන දේශසීමා දින 7 ක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. හොංකොං රාජ්‍යයෙන් වෛරසය වැළඳුණු සුනඛයෙකු පිළිබඳව ද වාර්තා වුණා. එම සත්ත්වයාගේ හිමිකරුට ද වෛරසය වැළඳී ඇති බව සඳහන්.
The post දකුණු කොරියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 137 දෙනෙකු දිවයිනට appeared first on ITN News.
Post a Comment