කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ (27) දිනයේදී පමණක් ඉතාලියේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 919 ක්. එමෙන්ම එක් දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද මෙයයි.
පසුගිය දින කිහිපයේ ඉතාලියේ කොරෝනා මරණවල අඩුවක් දක්නට ලැබුණා. එහෙත් පසුගිය දින දෙකක කාලය තුළ එය යළි ඉහළ යමින් පවතිනවා. වෛරසය වාර්තා වීමෙන් පසු එක් දිනක් තුළ ඉතාලියේ මරණයට පත් වූ වැඩිම පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා.
ඉතාලියේ මේ වන විට සමස්ත මරණ සංඛ්‍යාව නවදහස් එකසිය තිස්හතරක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නව ආසාදිතයන් පන්දහස් නවසියයකට ආසන්න පිරිසක් ඊයේ දිනයේදි හඳුනාගෙන තිබෙනවා. ඉතාලියේ ලොම්බාඩි කලාපයට වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වුණා.
The post ඉතාලියේ පැය 24ක් තුළ කොරෝනා මරණ 919ක් appeared first on ITN News.

Post a Comment