Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායනයට ලක්වූ තවත් පිරිසක් අදත් නිවෙස්වලට  

Add comments

නිරෝධායනය කළ තවත් පිරිසක් අද (28) දිනයේ එම කාර්ය සාර්ථකව අවසන් කිරීමෙන් පසු නිවෙස් බලා පිටත්ව යනවා.

පම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 167 දෙනෙකු අද (28) පෙරවරුවේම නිවෙස් බලා පිටත්ව ගියා. ගත වූ පැය 24 තුළ කිසිදු මෙරට වැසියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නැහැ. ඇදිරිනීතිය ද මේ වනවිට අකුරටම ක්‍රියාත්මක වනවා.

විදේශයන්හි සිට මෙරටට පැමිණි ජනතාව සදහා මධ්‍යස්ථාන කිහිපයක දී නිරෝධායන කටයුතු සිදුකෙරෙනවා. එම කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසු බොහෝ පිරිසක් මේ වනවිටත් සෞඛ්‍යාරක්ෂිතව නිවෙස් බලා පිටත්ව ගොස් අවසන්. අද දිනයේ ද පම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 167 දෙනෙකුට නිවෙස් බලා පිටත්ව යාමට අවස්ථාව උදාවුණා.

කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කළ 4 වන කණ්ඩායම ද යුද හමුදාවට හා රජයට ස්තූතිය පළකරමින් සිය නිවෙස් බලා පිටත්ව ගියා.

නිරෝධායනයට ලක්විය යුතු තවත් අය සිටී නම් වහාම ඒ සදහා ඉදිරිපත්වන ලෙසයි ආරක්ෂක හා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

The post නිරෝධායනයට ලක්වූ තවත් පිරිසක් අදත් නිවෙස්වලට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG