අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය වෘත්තිය සමිති නායකයින් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වුණා.
කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම දැනට එම කාර්යයට එක්ව සිටින වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටයි මෙම හමුව පැවැත්වුණේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුලු වෘත්තීය සමිති 20 කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයන් ඊට එක්ව සිටියා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුලු විධායක කමිටුව කොරෝනා මර්දනයට ගත යුතු විශේෂ යෝජනා කිහිපයක් පිළිබඳ අමාත්‍යවරිය දැනුවත් කළා.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ ඇතුලු විධායක කමිටුව දැනට සේවයේ නිරත හෙද කාර්ය මණ්ඩලවලට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අවධානය යොමු කළා. එම ගැටලු ක්‍ෂණිකව නිරාකරණය කර ගැනීමට අමාත්‍යවරිය සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට උපදෙස් ලබා දුන්නා.
The post ඇමති පවිත්‍රා සෞඛ්‍ය වෘත්තිය සමිති නායකයින් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙයි appeared first on ITN News.
Post a Comment