Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායනය වූ තවත් පිරිසක් අද නිවෙස්වලට  

Add comments

නිරෝධායනය වූ තවත් එකසිය තිස් දෙදෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යන බව යුද හමුදාව පවසනවා.

දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේදී පූර්ණ නිරෝධායනයට ලක් වූ විදේශයන් හි සිට පැමිණි පුද්ගලයන් 76 දෙනෙකු හා පූනානි මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක් වූ පුද්ගලයන් 56 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්.

ඒ අනුව මේ වන විට පූර්ණ නිරෝධායනයට ලක්ව නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 1,565ක් වනවා. කෙසේ වුව ද නිරෝධායන මධ්‍යස්ථාන 41 කදී පුද්ගලයන් 2,096 දෙනෙකු තවදුරටත් නිරෝධායනයේ යෙදී සිටින බවයි යුද හමුදාව පවසන්නේ. ඒ අතර විදෙස් ජාතිකයන් 20 දෙනෙකු ද වනවා.

මේ අතර පසුගිය 10 වනදා වන විට කුමන හෝ විදේශයක සිට මෙරටට පැමිණි ඕනෑම පුද්ගලයෙකු ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමුවිය යුතු බවයි පොලීසිය යළි අවධාරණය කරන්නේ.

 

 

The post නිරෝධායනය වූ තවත් පිරිසක් අද නිවෙස්වලට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG