ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා නගරයට ඇදී එන ආකාරය දැක ගැනීමට හැකිවූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
වැලිමඩ හා ඌව පරණගම මැතිවරණ කොට්ඨෘශවල ඇදිරි නීතිය ඉවත් කළද සියලු වෙළදසැල් වසා දමා තිබුණා. නගරවලට ජනතාව පැමිනීම සීමා කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබුණේ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නලගරවලින් පිට වෙළදසැල් විවෘත කර තිබුණා. කෙසේ වෙතත් වැලිමඩ හා ඌව පරණගම නගරවල බැංකු ශාඛා සහ ඖෂධසල් විවෘත කර තිබු බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
මාතලේ නගරයේ ඇදිරි නීතිය ඉවත් කළ පසු භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව රැස්වීමෙන් දිගු පෝලිම් දැක ගත හැකිවුණා. ඖෂධ හා බැංකු කටයුතු සදහාද විශාල පෝලිම් දැක ගැනීමට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ඇඳිරිනීතිය ඉවත් කළද වවුනියාව නගරය තුළට ජනතාව එක්රැස් වූයේ අඩුවෙන් බව අප වාර්තාකරුවන් සඳහන් කළා. රජය හා ආරක්ෂක ආංශ ලබාදුන් උපදෙස් පිළිපදිමින් ඔවුන් මෙලෙස නගරයට එක්රොක් වීමෙන් වැළකී සිටි බවයි ඔවුන් පැවසුවේ.
ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු වතුකරයේ ජනතාව ද සිය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රධාන නගරවලට පැමිණ සිටින ආකාරය දැක ගැනීමට ලැබුණා. රජය නිකුත් කර තිබූ සෞඛ්‍ය හා පූර්ව ආරක්ෂිත උපදෙස් පිලිපදිමින් ඔවුන් පෝලිම්වල රැදී සිටින ආකාරයයි දැක ගැනීමට ලැබුණේ.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළ සංකීර්ණයට තොග වෙළදුන් විශාල ලෙස පැමිණ සිටිනා ආකාරය අද දක්නට ලැබුණා. මත්ස්‍ය මිල ගණන් විශාල ලෙස පහත වැටී තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. තොග මිල යටතේ තලපත් කිලෝවක් රු.750 කට සහ කෙලවල්ලා කිලෝවක් රු.500 කට අලෙවි කෙරුණා.
ඇඳිරිතාවකාලිකව ඉවත් කිරීමත් සමඟ ත්‍රිකුණාමලය හා කන්තලේ නගරවලට ජනතාව සීග්‍රයෙන් ඇදී එන ආකාර දැක ගැනීමට හැකිවුණා. බැංකු සහ ඖෂධහල් අතර දිගු පෝලිම් දැක ගැනීමට හැකි වූ බවයි අප වාර්තාපකරුවන් පැවසුවේ.
ඇඳිරිනීතිය ඉවත් නොකිරීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත් වීමෙනුයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුණේ.
The post ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව බඩු ගන්න පෝලිම්වල appeared first on ITN News.
Post a Comment