කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමඟ පුත්තලම කඩුමයාකුලම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දැමීමමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.
ආගමික ප්‍රචාරත කටයුත්තක් සඳහා ඉන්දුනීසියාවට ගොස් ආපසු පැමිණි මෙම ගම්මානයේ අයෙකු ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙම පියවර ගනු ලැබුවේ.
එම පුද්ගලයාගේ නිවස මුද්‍රා තබා ඇති අතර ඔහු අසුරු කළ පුද්ගලයන් 30 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් පුත්තලම සහීරා විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. කඩුමයාකුලම් ගම්මානයට ඇතුළු වන මාර්ග වසා දමා ඇති අතර ආරක්ෂිත පියවරක් ලෙස මෙය අනුගමනය කෙරෙන බවයි සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ.
The post කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමඟ පුත්තලම කඩුමයාකුලම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දැමේ appeared first on ITN News.
Post a Comment